ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාළම’ නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, වල්පිට සිට පැමිණි 47 හැවිරිදි දෙදරු මවක්.
බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු පැවසූවේ.
මියගිය කාන්තාව සැමියා, දරුවන් සහ ගමේ පිරිසක් සමග වන්දනා බසයකින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර, ඊයේ ශ්‍රී පාද වන්දනාව සිදුකර නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලීසිය පවත්වනු ලබනවා.