ශ්‍රී පාදයේ සංචාරයක් සඳහා පැමිණි ජර්මන් ජාතිකයෙක් ඇතුළු ඔහු සමග පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඊයේ(21) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසනවා.
83 හැවිරිදි ජර්මන් ජාතිකයා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ එහි සිටි පිරිසක් සමග ඊයේ(21) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරන අවස්ථාවේ ගොලුතැන්න ප්‍රදේශයේදී පස්වරු දෙකට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ඉන් තුවාල ලැබූ විදේශිකයා ඇතුළු හය දෙනා රතු අම්බලම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් නල්ලතන්නිය වෙත රැගෙනවිත් 1990 සුවසැරිය ගිලන්රථය මගින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවනද බවද පොලිසිය කියා සිටියා.
මේ අතර මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පස් දෙනෙකුටද ඊයේ(21) දින දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත් එම වතු යායේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියා.
පවතින අධික වියළි කාලගුණයත් සමග රූස්ස ගස්වන බැඳ ඇති බඹර කූඩුවල වද කඩා ගැනීමට උකුස්සන් පහරදීම නිසා බඹරුන් ඇවිස්සී මෙසේ පහර දෙන බවයි පරිසරවේදීන් කියා සිටින්නේ.













