ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට පැවැත්වෙනවා.
මෙම රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ නිලධාරීන් පිරිසක් දියවඩන නිලමේ පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටිනවා.
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබෙනවා.
මෙවර පත්වන දියවඩන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා මෙම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.













