ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා.
ඒ ඊයේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි
තරගය පැවැත්වුනේ කොළඹ තුරග තරග පිටියේදී
මෙහිදී ටර්ක්මේන්ස්තානයට එරෙහිව ශ්‍රි ලංකාව වාර්තා කළ පළමු පාපන්දු ජයග්‍රහණ්‍ය ලෙසින් ද මෙය වාර්තා අතරට එක්වනවා.
මෙම ජයග්‍රහණය හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 6ක් ඉදිරියට ලගා වීමට ශ්‍රි ලංකාවට හැකිවුනා.
ඒ අනුව ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
එසේම මෙම පරාජය හේතුවෙන් ටර්ක්මේන්ස්තානය 143 වන ස්ථානය දක්වා පියවර 5කින් පසුබැස තිබෙනවා.