රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති ශ්‍රමිකයින් සංඛ්‍යාව 78,153 ක්.
විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල රැකියා සදහා කොරියාවට පිටත් වී ඇති ශ්‍රමිකයින් සංඛ්‍යාව 710 ක් බවයි.