හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.
අදාළ දේපල ගිනි බත් කිරීමෙන් වූ හානිය සඳහා රුපියල් 885000ක වන්දි මුදලක් රජ්‍ය නිලධාරීන් බලපෑම් කර ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනයේ දෙවන සැකකාරිය ලෙස හිටපු වැඩබලන අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද(08) ඉදිරිපත් කිරීමට නියමිතයි.