Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෝනර්, මැක්ස්වෙල් සහ සම්පා එක්ව නෙදර්ලන්තයේ හීන කඩා බිඳ දමයි

    වෝනර්, මැක්ස්වෙල් සහ සම්පා එක්ව නෙදර්ලන්තයේ හීන කඩා බිඳ දමයි

    2023-10-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ලද ජයග්‍රහණය ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

    ඒ තරගාවලියේ 24 වන තරගය වූ ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගයේදීයි.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු අටක් පමණක් දැවී ලකුණු 399ක් ලබාගැනීමට සමත් වූවා.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් රැස් කිරීමට ඩේවිඩ් වෝර්නර් සහ ග්ලේන් මැක්ස්වෙල් සමත් වූවා.

    ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 106කටත් ඩේවිඩ් වෝර්නර් ලකුණු 104කටත් දැවී ගියා.

    මැක්ස්වෙල් සිය 106 ලබාගත්තේ පන්දු 44ක් පමණක් වැය කරමින්.

    ඊට හයේ පහර අටක් සහ හතරේ පහර 9ක් අන්තර්ගත වූවා.

    එසේම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළදීම පන්දු 49කින් ශතකයක් වාර්තා කිරීම ලෝක කුසලාන තරගයකදී වේගවත්ම ශතකය ලෙස වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩන් මාක්‍රම් විසින්.

    ස්ටීවන් ස්මිත් ලකුණු 71ක්ද මර්නස් ලබුෂේන් ලකුණු 62ක්ද ලබාගත්තා.

    පන්දු යැවීමේ නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලොගන් වැන් බීක් කඩුලු හතරක් බිඳ හෙළීමට සමත් වූ අතර බස් ඩි ලීඩේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.ආර්යන් දත් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 400ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

    නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 25ක් ලබාගත් වික්‍රම් සිං ය.

    ටේජා නිඩමනුරැ ලකුණු 14ක් ලබාගත් අතර නායක ස්කොට් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 12ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා පන්දුවාර තුනකදී ලකුණු අටක් පමණක් ලබාදී කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූවා.

    මිචෙල් මාර්ස් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර පැට් කමින්ස්, ජොස් හසල්වුඩ් සහ මිචෙල් ස්ට්‍රැක් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    මෙම ජයග්‍රහණය ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් තරගයක් ජයගත් ඉහළම ලකුණු පරතරය ලෙසින් ඉහිතාසගත වූවා.
    තරගයේ වීරයා ලෙසින් ග්ලේන් මැක්ස්වෙල් සම්මාන හිමිකර ගත්තා.

    මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තවදුරටත් ඉන්දිය කණ්ඩායම සමත්ව සිටින අතර දෙවන ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

    දෙවන ස්ථානයෙ නවසීලන්ත කණ්ඩායම පසුවන අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.

    පකිස්ථානය පස්වන ස්ථානයේත් ඇෆ්ගනිස්ථානය හය වන ස්ථානයේත් පසුවනවා.

    නෙදර්ලන්ත කණ්ඩායම ලද පරාජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

    අටවන ස්ථානයේ පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.

    බංග්ලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයේත් නෙදර්ලන්ත කණ්ඩායම 10 වන ස්ථානයේත් පසුවනවා.

    තරගාවලියේ 25 වන තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

    තරගය මෙරට වේලාවෙන් පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

    මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටොන් ඩි කොක් ය.

    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 174ක්.

    එසේම තරගවලිය පුරාම වැඩිම ලකුණුලාභියා වන්නේද ලකුණු 407ක් ලබාගෙන සිටින ක්වින්ටොන් ඩි කොක් මය.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා වනවා.

    ඔහු මේ වන විට තරගාවලිය පුරාම කඩුලු 13ක් දවාගෙන තිබෙනවා.

    එසේම කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 428 වාර්තා කර තිබෙන්නේද දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

    ඒ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේදීයි.

    එසේම එම තරගය එක් තරගයකදී ඉනිම දෙකේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ තරගයද වනවා.

    කණ්ඩායම දෙකම එම තරගයේදී ලකුණු 754ක් ලබාගෙන තිබෙනවා.

     

    පෙර පුව​තප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක්
    ඊළඟ පුව​ත බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group