හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ නිලධාරියෙකු වශයෙන් සහ වෛද්‍ය ආචාර ධර්මවලට අනුකූලව එසේ කළ නොහැකි බවයි.
එසේම රෝගියකුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වවලට කරුණු හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.