දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරෙනවා.
මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලය වල වෛද්‍ය පීඨයන්හි වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරුවන් වන අතර එම අධ්‍යයන කටයුතුවලින් පසු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්, පලපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් ද හදාරා තිබෙනවා.
2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දෙන අතර උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය සඳහා මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.













