චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වුණා.
9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී අද ආරම්භ වුණා.
මෙම වසරේ ප්‍රදර්ශයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයෝ 100 ක් පමණ මෙවර සහභාගී වී සිටිනවා.
මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඊට අයත්.
ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමු යන්නයි.