ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135 ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.
සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ, වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු වේ නම් ඔහුට එරෙව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවයි.
එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා.