වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.
කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් කලාප 3ක් පැවැත්වෙන අතර ඒවා නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් අදාළ වැඩපිළිවෙල හඳුන්වාදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
සියලුම වෙසක් කලාප ආවරණය වන පරිදි විශේෂ CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මක බව සඳහන්.
එමෙන්ම ස්වර්ණාභරණ සහ කුඩා දරුවන් ඇතුළු ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය මෙන්ම පැමිණෙන ජනතාව වාහන නවතා තැබිය යුතු ස්ථානය පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් වන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම්දෙන්නේ.