මෙරට වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරිමට හැකිවන ලෙස නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, එම අනවසර ඉදිකිරිම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරිමටද සැලසුම් කරන බවයි.
වෙරළ වටා ඇති ආරක්ෂිත කලාපයේ අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිමෙන් වෙරළ ආරක්ෂිත ප්‍රදේශයට හානිවීම වැළැක්වීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණක් වනවා.