අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලානු ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම ගුවන් සේවාවලට විශේෂ අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ වෙනිසියුලාව තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වය අර්බුධයකට පත් වීම සහ හමුදා ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන්.
මෙම තර්ජන මගින් ගුවන්ගතවීමේදී, ගොඩබෑමේදී සහ ඕනෑම උසකින් ගමන් කරන ගුවන් යානාවලට අවදානමක් එල්ල විය හැකි බව සදහන්.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට එරෙහිව අමෙරිකාව විසින් පීඩනය තීව්‍ර කරමින් සිටින පසුබිමක වීමත් විශේෂත්වයක්.
මේ වන විටත් අමෙරිකානු නාවික හමුදාවට අයත් විශාල නෞකා රැසක් සහ ඹී ඨැර්කා ඍ. ත්‍දරා ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු යුධ බල ඇණියක් වෙනිසියුලානු වෙරළ ආසන්නයේ ස්ථානගත කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලාව ද සිය හමුදා සූදානම ඉහළ නංවා, විශාල හමුදා බලඇණියක් යෙදවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබීම මෙම ගුවන් අවකාශයේ ආරක්ෂක අවදානම ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














