දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙන්ම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.