වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා.
මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
වයස අවුරුදු 25ක් සහ 30ක් පමණ වන දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.
මිද්දෙණිය පොලිසිය කියා සිටියේ මියගිය පුද්ගලයන්ගේ යතුරු පැදියද ඒ ආසන්නයේම වැටී තිබූ බවයි.
මොවුන් දෙදෙනා යතුරු පැදියෙන් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක්ද විමර්ශන සඳහා එක්ව සිටිනවා.
මෙම වෙඩි තැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මිද්දෙණියේ වෙඩි තැබීම