විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී වෘත්තීය සමිති 59ක් පමණ අවලංගු කර තිබෙනවා.
කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා.
වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තීය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වනවා.
රට තුළ දැනට වලංගු මුළු වෘත්තීය සමිති 2122ක් පවතින බවත් ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තීය සමිති 128ක් ලියාපදිංචි කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කම්කරු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවේයි.