ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කළේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන තිබෙනවා.
විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













