මෙහිදී මූලිකවම අදහස් ප්‍රකාශ වූයේ හානියට පත් වූ ප්‍රමාණය පිළිබඳව තොරතුරුයි.
මහ කන්නයේ වී වගා ඉලක්කය වූයේ හෙක්ටයාර් 869622 ක්.
නොවැම්බර් 28 වන විට එනම් ආපදාව පැමිණෙන විට වගා කර තිබූ ප්‍රමාණය හෙක්ටයාර් 620136 ක්.
මෙමඟින් ආපදා නිසා හානි වූ ප්‍රමාණය වශයෙන් හෙක්ටයාර් 106293 ක් බව පෙන්වා දුන් අතර මෙහිදී මෙම ආපදා තත්ත්වයෙන් නැවත වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 95000 ක් බව හඳුනාගෙන තිබෙනවා.
ප්‍රතිශතයක් ලෙස එය 90% ක්.
නොවැම්බර් 28 දිනට වගා නොකළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 249486 ක්.
වගා නොකළ වපසරියෙන් හෙක්ටයාර් 2039ක් හානි වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බව සාකච්ඡා වුණා.
බිත්තර වී සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අදහස් හුවමාරු වූ අතර වී අලෙවි මණ්ඩලය සතුව ද ගොවීන් සතුව ද බිත්තර වී අවශ්‍ය ප්‍රමාණයට ඇති බවත්, ඒවා නැවත වගා කිරීම සඳහා යොදාගත හැකි බවත් මෙහිදී පෙන්වා දුන්නා.
වගා හානි ගෙවීම් ඇතුළුව බිත්තර වී සැපයීම ගොවියා නැවත වගාවට යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙල යාය 500 වැඩපිළිවෙළ යටතේම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡා වුණා.
අමාත්‍යවරයා අවධාරණය කළේ ගොවියාට ලැබිය යුතු සියල්ල ලැබිය යුතු අතර එය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි.













