වී එෆ්.එම් සුර්ය සිරිත් මංගල්‍යය අද පෙරවරු 07 සිට ආරම්භ වූවා.
මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.
ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් රැසක් වී එෆ් එම් විශේෂ මැදිරි සංකීර්ණ පරිශ්‍රය තුළ සංවිධානය කර තිබෙනවා.
එම වැඩසටහන් සදහා සම්පත් දායකයින් වශයෙන් මහාචාර්ය සමන් වීරක්කොඩි, කථිකාචාර්ය සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි , ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාළ , මනෝ විද්‍යා උපදේශක භාග්‍ය අබේසිංහ සහ ප්‍රවීන ජෝතිර්වේදී කේ ඒ යු සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් එක්වීමට නියමිතයි.
මේ සුර්ය සිරිත් මංගල්‍යය සජීවි විකාශය පිළිබද විශේෂිත මැදිරියේ සිට අදහස් දක්වන පබසර රෝහණ.