ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසනවා.
වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම්දී ඇත්තේ.
ඒ අනුව ලබන සඳුදා සිට ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර හා කොන්සියුලර් සේවා සියලු කටයුතු කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස්, යාපනය කොන්සල් කාර්යාල මගින් සෘජුවම සිදු කරනු ලබනවා.













