මාතලේ නිදහස් කැරැල්ලට ජීවය දුන් වීර පුරන්අප්පු අභීත සෙන්පතියා වෙඩි තබා ඝාතනය කර අදට වසර 177කි.
1848 අගෝස්තු මස 08 දින සවස 2.30ට මහනුවර බෝගම්බර සිපිරිගෙය අබියසදී
ඔහු ඝාතනය කෙරිණි
නිදහස් අරගලයට පණ පොවමින් ඉංග්‍රීසීන්ගෙන් කන්ද උඩරට මුදා ගැනීමට පෙරමුණ ගත් සටන්කාමී ජාති හිතෛෂි වීර පුරන්අප්පු සිංහල නායකයා අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් පංච පුද්ගල මහාධිකරණයේ සභාපති මේජර් එෆ්. ලුෂින්ග්ටන් ඉදිරියට පමුණුවා අග රැජිණට එරෙහිවීම ඇතුළු චෝදනා 03ක් යටතේ පැය 1 1/2 නඩු විභාගයෙන් අනතුරුව වෙඩි තබා මරා දැමීමට නියෝග කළේය