ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද මෙරටට පැමිණ තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහුව පිළිගනු ලැබුවා.
යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, එළඹෙන 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඒ මහතා පිළිගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී වී ඇති බවයි වාර්තා වුනේ.
මෙම නිල සංචාරයේදී ගරු වන්ග් වෙන්ටාඕ මහතා මැයි 29 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට සහ මැයි 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-චීන ආයෝජන සහ ව්‍යාපාරික සංසදයට ද සහභාගී වීමට නියමිතයි.