ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
ග්‍රීන්ස්, ග්‍රේස් හා බ්ලූස් ලෙස කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුනා.
එහිදී සෑම කණ්ඩායමකටම තරග 4ක් හිමි වූ අතර ඉන් තරග 3ක් ජයගත් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගෙන සිටිනවා.
දෙවැනි ස්ථානය හිමිකරගත් චරිත් අසංලකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම තරග 2ක් ජයගත් අතර, එක් තරගයක් ඔවුන් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටිනවා.
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට කිසිදු තරගයක් ජයගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි .