පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් .
එහිදී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 146ක් .
ලකුණු 147 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා .
මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 98ක් වාර්තා කිරීමටයි සමත් වුනේ.
ඒ සදහා 4 පහර 11ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25යි.
මේ අතර ටී ටුවෙන්ටි තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්ව තිබෙනවා.
ටී ටුවෙන්ටි තරගවලදී ලකුණු 2 305ක් රැස් කර සිටි කුසල් ජනිත් පෙරේරා පසුකර යමින් පැතුම් නිස්සංක මෙලෙස පළමු ස්ථානයට පත්වූයේ ලකුණු 2 326ක් රැස් කරගනිමින්.













