අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මගින් ඊයේ දිනය තුළ පුද්ගලයින් විසිනව දහස් තුන්සිය තිස්නව දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මෙහෙයුමේ දී පුද්ගලයින් 678 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පිරිස 43ක්. විවෘත වරෙන්තුකරුවන් 135 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් 15 දෙනෙකු හා වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3,585 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.