දිවයින පුරා සිදුකළ පොලිස් විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් විසිනවදහස් පන්සිය තිස්එකක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මෙම මෙහෙයුම තුළින් විවිධ අපරාධ සිද්ධීන්ට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
මෙහිදී පුද්ගලයින් 29,531 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 610 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරෙන්තුකරුවන් 274 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
බීමත් හා අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.













