පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට යොමු කර ඇති බවයි.
වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම කටයුතු සිදුවන අතර මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් අමාත්‍යාංශය සදහන් කළා.