දිවයිනට බලපා ඇති වියලි කාළගුණයෙන් තවදුරටත් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී තිබෙනවා.
එමගින් පවුල් පනස් එක් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
උඩවළව ජලාශයේ සිට ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීමට ජලය රැස්කර තිබූ කිරිඉබ්බන් වැවේ දොරටු විවෘත කිරීමත් සමඟ වම් ඉවුරු ඇළ ඔස්සේ පැමිණි ජලය නැවැත්වීමට ගොවීන් පිරිසක් ඊයේ කටයුතු කිරීමත් සමඟ ගැටලුකාරී තත්ත්වයක් ද උද්ගත වුණා.