වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරින් පවසන්නේ
මධ්‍යම වියට්නාමයේ සංචාරක බස් රථයක් අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබියදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මියගිය පිරිස අතර දරුවන් දෙදෙනෙක්ද වන බවයි එරට බලධාරින් සදහන් කලේ.
හැනෝයි අගනුවර සිට ” ඩා නැං” නගරය වෙත ප්‍රධාන අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් පැවති මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව ඇති බවද ඔවුන් සඳහන් කළා.
මියගිය සියලු දෙනා වියට්නාම ජාතිකයින් බවයි වාර්තා වන්නේ