2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹල තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට මං මාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහි නඩුව ජුනි මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල නඩුව ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම වුණා.