ප්‍රකාශයක් ලබාදීම සඳහා යළිත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හෙට(12) දිනයේදී කැඳවා ඇති බව වාර්තා වනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආහාර ලබාගත් බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගියදා විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ගොස් ප්‍රකාශයක් ලබාදී තිබියදීයි මෙලෙස යළි කැඳවා ඇති බවට වාර්තා වන්නේ.
වීරවංශ මහතා එම දිනයේදී පැමිණියද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා රෝගී වීම හේතුවෙන් වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
එම ප්‍රකාශය ප්‍රමාණවත් නොමැති බවට සලකා මෙම කැඳවීම කොට ඇති බවයි වාර්තා වන්නේ.
තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සානා/පුවක්දණ්ඩාවේ සනා බන්ධනාගාර ගතව සිටිනවා.