හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට නියම කර තිබෙනවා .
ඒ කොළඹ මහාධිකරණය විසින්.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදියි කැඳවනු ලැබුවා.
එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වුනේ. .
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වැනිදා කැඳවීමටයි අධිකරණය නියම කර තිබුණා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














