හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 22 වැනිදා කැඳවීමට නියම කර තිබෙනවා .
ඒ කොළඹ මහාධිකරණය විසින්.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේදියි කැඳවනු ලැබුවා.
එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වුනේ. .
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 22 වැනිදා කැඳවීමටයි අධිකරණය නියම කර තිබුණා.
උණුසුම් පුවත්
- පූනාගල නිවාස 50 කට යටිතල පහසුකම්
- රාජ්‍ය සේවයේ නව බදවා ගැනීම් සදහා කැබිනට් අනුමැතිය
- බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
- බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් යානයක් පළමුවරට අද මත්තලට
- ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද අලුයම දිවයිනට
- තද සුළං,පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉහලට
- මත්පැන් නිශ්පාදනය සම්බන්ධ නීති සංශෝධනය කරමින් විශේශ ගැසට් නිවේදනයක්










