සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටයි එක්සත් ජාතික පක්ෂය මෙහිදී තීරණය කර ඇත්තේ.
එමෙන්ම සමගි ජන බලවේගය සමඟ විවෘතව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කලා.