කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මෙලෙස අද(04) අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවකට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
අදාළ සැකකරුවන් දෙදෙනා එම කාර්යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කඳුරුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.