මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
ඒ අනුව, ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේවන විට ආරම්භ කර ඇති බැවින් Re entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට ඍැ-ැබඑරහ වීසා කාලය අවසන් වුවද 2025.07.31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සදහා යොමු වීමට හැකියාව ලැබෙනු ඇති.