Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි

    විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි

    2024-06-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

    කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාලවලින්ද විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි භාරගැනීම සිදුකරයි.

    ඒ අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට 2024 ජනවාරි සිට 2024 ජූනි 18 දක්වා ගතවූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 1051 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ. එසේම නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11ක් වැටලීම් කිරීමටද විමර්ශන නිළධාරීන් පියවර ගෙන ඇති අතර, වංචාකරුවන් 65 දෙනෙකුද මෙම කාලසීමාව තුළදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරට, විදේශ රැකියා වංචාවල නිරත වූ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවල හිමිකරුවන් 8 දෙනෙකුද අයත් වේ.

    2024 වර්ෂයේ මුල් මාස 5 තුළ කාර්යාංශයට ලද පැමිණිලිවලට අදාළව වින්දිතයින්ට රු.65,103,626.00 ක මුදලක් යළි අයකර දීමටද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන්ට හැකි වී තිබේ.

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේම විදේශ රැකියා වංචාවල නිරතවන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2864241 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තනාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
    ඊළඟ පුව​ත සැප නිද්දට බාධා කළ කොස්තාපල්ට ආධුනික කොස්තාපල් වෙඩි තියන්න හදලා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group