2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ පැමිණීම අද (17) ( මිලියන 02 ) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට සමත් වී තිබෙනවා.
ඒ අද (17) පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි රෆායෙල් කැරොන් ( Raphael Caron) සහ ඔහුගේ බිරිඳ ක්ලෙයා චාලට් මෙරටට පැමිණීමත් සමගයි
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් සති දෙකක කාළයක් මෙරට රැඳී සිටිමින් , සංචාරයෙහි මෙන්ම සාප්පු සවාරි වල යෙදීමට නියමිතයි.
රෆායෙල් කැරොන් මහතා ප්‍රංශයේ මූල්‍ය කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරත වී සිටින්නෙක්.
ඔවුන් අද (17) දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













