විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් මුදල් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලිස් සංචාරක කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 2 සහ 5 යන දිනයන්වලදී සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් ත්‍රීරෝද රථ ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලා වඩා වැඩි මුදලක් එනම් රුපියල් 10000ක් සහ රුපියල් 30000ක් ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි දෙක්ක මත විමර්ශන ආරම්භ කර ඊට සම්බන්ධ සැකකරු ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 40 සහ 48 යන වයස්වල පසුවන ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර තිබෙනවා.