අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගුවන් යානා අවලංගු වීම හා ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා නොවැම්බර් 28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සලසා තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව තව දුරටත් විසා කාලය දිගු කරගැනීමට බලාපොරොත්තුවන විදේශිකයින් සඳහා නොවැම්බර් 28 දින සිට ඉදිරියට දින 07ක කාලයක් සඳහා දඩ අයකිරීමකින් තොරව වීසා දීර්ඝ කරගැනීම සදහා සහන කාලයක් ලබා දීම සිදු කරනු ලබනවා.
කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා සිදුකළ හැක
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










