නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝදරථයක්, යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි නානුඔය පොලිසිය පවසන්නේ.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා හත ප්‍රදේශයේදීයි.
අනතුරෙන් විදේශිකයන් දෙදෙනාට තුවාල සිදුව නැහැ.