නුවරඑළියේ සිට ඇල්ල දක්වා විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත ිබව නුවරඑළිය පොලිසිය පවසනවා.
නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ගෙග්‍රරි වැව අසලදී මෙම අනතුර ඊයේ(15) දින පස්වරු 3.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් කිසිවෙක-ටත් අනතුරක් සිදුව නොමැති වුවත් අනතුරෙන් වෑන් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියා.
වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනයට කළ වෑන් රථයේ අධික වේගය පාලනය කර ගත නොහැකිව එම වෑන් රථය ධාවනය මං තීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනයට වූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂන පවත්වන නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කියා සිටියා.













