මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වෙනවා.
එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 18.3 ක සැලකිය යුතු වර්ධනයක් වනවා.
පසුගිය වසරේ පළමු මාස හතරේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක මුදලක් ඒවා තිබුණා.
එමෙන්ම මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1 ක මුදලක් මෙරටට ඒවා ඇති අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 543.8 ක මුදලක් මෙරටට ඒවා තිබෙනවා.
එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවයි මහ බැංකුව සදහන් කරන්නේ.
පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන තුන් ලක්ෂ 14,828 ක් ලෙස වාර්තා වූ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක් වනවා.