යාපනය පන්නේ ප්‍රදේශයේ පිහිටා තිබූ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙම හෝටලයේ සේවකයෙකු විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මිය ගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව පොලීසිය කළ පරික්ෂාවේදී හෙළි වී තිබෙන්නේ මෙම සේවකයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන්කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිරුර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.