කැබිතිගොල්ලෑව ඉහලවැව ප්‍රදේශයේ පිහිටි වගා බිමකදී මියගිය වල් අලියෙකුගේ සිරුරක් ඊයේ(04) හමු වූ බව මැදවච්චිය වනජීවි නිලධාරින් පවසනවා.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, තුලාන අංක 23, ඉහල උස්ගොල්ලෑව ග්‍රාම නිලධාරි වසමේ මෙම ඉහලවැව ගම්මානය පිහිටා තිබෙනවා.
එහි පිහිටි බඩඉරිඟු වගා කළ ඉඩමකට ඇද තිබූ අලි වැටක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව වන ජීවි නිලධාරින් පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25-30 අතර හා උස අඩි 13ට ආසන්න වන අලියෙකි.
මීට මාස කිහිපයකට පෙර වගා භූමියේ හිමිකරුවන් නගරයෙන් නව අලි වැටක් ගෙනවිත් සවිකර බඩඉරිඟු වගාව සිදු කළ බවත් ඊයේ(04) රාත්‍රියේ වගා භූමියට ආහාර සොයා පැමිණි මෙම වල්අලියා එම අලි වැටේ වැදී මෙලෙස මියගොස් ඇති බවත් එහි හිමිකරුවන් වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය වනජීවි නිලධාරින් සහ කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කරනු ලබනවා.