විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සදහා වන කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම මාසය තුළ කෙටුම්පත් කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සදහන් කළා.