විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත් කර තිබෙනවා.
තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.
වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ හෙළසිරි ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ විශ්‍රාම ගනු ලැබුවා.
ඉන් පුරප්පාඩු වූ වැඩබලන අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහායි මධුශංක දිසානායක මහතා පත්කර ඇත්තේ