විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිය අවසාන තීරණය එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කොමිසම මුළු දිවයිනම ආවරණය වන පරිදි අහඹු ලේස තෝරාගත් 500 දෙනෙකුගෙන් අදහස් හා යෝජනා ලබාගෙන තිබෙනවා.
මෙම යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනීමෙන් පසුව කොමිසම විසින් සිය තීරණයට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය සැප්තැම්බර් 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණා.
එලෙස අදහස් ලබාගැනීම අවසන් අවස්ථාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 8 වැනිදා පැවැත්වුණා.
විදුලි ගාස්තු 6.8%කින් ඉහළ දැමීමට යෝජනා කරමින් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය විදුලි බලමණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසන් සබාවට භාරදී තිබෙනවා.