රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණිලි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවයි.
පැය 24ක කාලයක් තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කළා..
විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.
ඒ අතුරින් මධ්‍යම පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 15,000න් 5,300ක ප්‍රමාණයක් සහ බස්නාහිර පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 10,000න් 1,700ක ප්‍රමාණයක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් පිළිසකර කර තිබෙනවා.