2025 වසරේ සිදු කිරීමට නියමිත 03 වන විදුලි ගාස්තු සංශෝධනය පිලිබදව මහජන අදහස් විමසීම අද සිට ආරම්භ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව සියයට 6.8ක ගාස්තු වැඩිවීමක් සිදු කිරීමට නියමිතයි.
මහජන අදහස් විමසීමේ කටයුත්ත නැගෙනහිර පළාතෙන් ආරම්භ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
මෙම කටයුත්ත දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන අතර එය සියලු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.